මෙක්සිකෝ කොවිඩ් මරණ හා ආසාදන වැඩිම දිනයක්
- 2 08 2020
- 07:06
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
මෙක්සිකෝව ඊයේ (01දා) දිනයේ වැඩිම නව කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා කර ඇති අතර, ගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 9,556ක් තහවුරු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 434,193ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම වෛරසය හා සම්බන්ධ මරණ එදින 784ක් වාර්තා වී ඇති අතර, ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 47,472ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙක්සිකෝව එක්සත් රාජධානියේදී සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අභිභවා මේ වනවිට ලොව වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සිදුව ඇති තුන්වැනි රට බවට පත්ව ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
