මෙක්සිකානු නාවික හමුදාවට අයත් Cuauhtémoc නම් පුහුණු රුවල් නැවක් සෙනසුරාදා රාත්රියේදී එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි බෘක්ලින් පාලමේ ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත්ව තිබේ. මෙම අනතුරින් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුර අවස්ථාවේදී රුවල් නැව තුළ 277 දෙනෙකු ගමන් කර තිබේ. පාලම ආසන්නයෙන් යාත්රා කරද්දී නෞකාවේ විදුලිබලය සිදීයාම අනතුරට හේතුව ලෙස හඳුනාගෙන තිබේ.
