මෙක්සිකානු මත් ජාවාරම්කරුවන් ත්රස්තවාදීන් ලෙස ට්‍රම්ප් නම් කරයි
එක්සත් ජනපදය මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ත්‍රස්ත කණ්ඩායම් ලෙස නීත්‍යානුකූලව නම් කරනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙම පියවර මත්ද්‍රව්‍යවලට එරෙහිව එක්සත් ජනපදයේ පුළුල් ක්‍රියාමාර්ගයක් බව පවසන ට්‍රම්ප්, වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජනපදය මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාලය අවසන් කිරීමට සූදානම් බවයි.
කෙසේ වෙතත්, මීට ප්‍රතිචාර දක්වමින් මෙක්සිකෝවේ විදේශ ඇමතිවරයා කියා සිටියේ මෙක්සිකෝව කිසිදු ආකාරයකින් රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමට කිසිම රාජ්‍යයකට අවස්ථාව නොදෙන බවයි.
එක්සත් ජනපද - මෙක්සිකානු ද්විත්ව පුරවැසිභාවය හිමි පවුලක කාන්තාවන් තිදෙනෙකු හා ළමයින් 6 දෙනෙකු පසුගිය නොවැම්බර් 6 වැනිදා උතුරු මෙක්සිකෝවේ ගම්බද ප්‍රදේශයක් හරහා ගමන් කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැඟව සිට එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.
මෙම සිදුවීමෙන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමන් යුද්ධ ප්‍රකාශ කරන බව ජනපති ට්‍රම්ප් පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

