මුම්බායි නගරයේ කපා දමන ගස් වැළඳගෙන ජනතාව හඬා වැටේ
මුම්බායි නගරයේ හරිත වන ලැහැබක් ඇති ස්ථානයක ගස් කපා දැමීමට එරෙහිව ජනතාව විරෝධය දැක්වීමත් සමග එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ක්‍රියාව අත්හිටුවීමට බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඇරේ කොලොනි ලෙස ප්‍රකට මෙම ස්ථානයේ පැවති වෘක්ෂලතා කපා දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණේ, මුම්බායි හි නව මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවට පෙර සිටම මුම්බායි වැසියන් දැඩි විරෝධයක් දක්වමින් මෙම කලාපය සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ලෙස ඉල්ලා අධිකරණයට ගොස් තිබුණි.
නමුත්, අධිකරණය පසුගියදා එම පෙත්සම ඉවත දැමූ අතර, මේ සමගම අදාළ ව්‍යාපෘතිය සඳහා ගස් කැපීම ආරම්භ විය.
නමුත්, එම ස්ථානයට පැමිණි වැසියන් පොලීසිය සමගද ගැටුමක් ඇතිකර ගෙන තිබුණු අතර, ඇතැම් දෙනා බිම ඇද දැමූ ගස් වැළඳගෙන හඬන ආකාරයද ඉන්දීය මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කෙරිණි.
මේ සමග යළිත් මෙම ගස් කැපීම නවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලධාරීන්ට නියෝග කෙරිණි.



popular news
-
රජින්ද Sunday, 13 October 2019 01:02 PM
ඉතාමත් සංවේදී ජායාරුපයක්.. මේ ලෝකේ මිනිස්සු ඉල්ලන දේ නෙමෙයි මේ කිසිම රටක රජයක් ඒ මිනිස්සුන්ට ලබාදෙන්නේ. ලංකාවේ අපිටත් මේ විදිහටම ගස් වැල් බදාගෙන හඩන්න වෙන කාලය ඉතාමත්ම ආසන්නයි. හුගක් අය නොදන්නවා උනාට අපේ රටේ දැනටමත් පුර්ව කාන්තාරකරණයේ ලක්ෂණ පහලවෙලා ඉවරයි. අපේ රටට ඇත්තේ ඉතාම සීමා සහිත කාලයක් පමණයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

