මුඛ ආවරණ නැති මිනිසුන් දකින විට ප්‍රහෙලිකාවක් හා කලකිරීමක් ඇති වෙනවා
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා කෙතරම් ඵලදායී වුවද ඇමෙරිකානුවන් මුඛ ආවරණ පැලඳීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම දැකීමෙන් තමා කම්පනයටත් හා බලාපොරොත්තු සුන්වීමකටත් ලක්ව සිටින බව එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් පවසයි.
"මෙය මට මහත් ප්‍රහේලිකාවක්. අපි කොහොමද මෙතැනට ආවේ? ඔබ පෘථිවියට ගොඩබැස්ස පිටසක්වල ජීවියෙක් යැයි සිතන්න. අපේ පෘථිවිය බෝවන රෝගයකින් පීඩා විඳින බවත්, මුඛ ආවරණයක් පැලඳීම ඒ රෝගය පැතිරීම වැළැක්වීමට වඩාත් ඵලදායී ක්‍රමයක් බවත් ඔබ දකිනවා. නමුත් ඔබ ඇවිද යන විට සමහර අය මුඛ ආවරණ නොමැතිව යන ආකාරය දකිනවා. ඒ වගේම සමහර අය මුඛ ආවරණ පැලඳ සිටිනවා. ඔබ පිටසක්වල ජීවියෙක් විදියට මේ සඳහා හේතුව සොයා ගැනීමට උත්සාහ කරනවා. එහිදී මේ පෘථිවි වාසීන් ඔවුන්ගේ දේශපාලන පක්ෂය අනුව මුඛ ආවරණ පැලඳීම හා නොපැලඳීම සිදුකරන බව ඔබ දකිනවා. එහිදී ඔබ ඔබේ හිස පිරිමදිමින් කල්පනා කරන්නේ, එතරම් සෘජු හා සරල කාරණයක්, කෙසේ හෝ (පාලකයන්) තීරණ ගැනීමේදී විකෘති කළ හැකි නම්, ඒ තරම් තේරුමක් නැති (මෝඩ) දෙයක් වෙන නොමැති බවයි. ඔහු පුදුම වෙනවා" කොලින්ස් කීවේය.
"විද්‍යාඥයෙකු ලෙසත් මටත් මෙය ප්‍රහේලිකාවක්, ඒ වගේම මම තරමක් කලකිරීමට පත්ව සිටිනවා." කොලින්ස් වැඩිදුරටත් සඳහන් කළේය.
නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා වඩාත් ඵලදායී ක්‍රමවේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන් විසින් මුඛ ආවරණය නිර්දේශ කර තිබුණත්, එක්සත් ජනපදය තුළ මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් දේශපාලනමය වශයෙන් බෙදීමක් පවතී.
ට්‍රම්ප් මුඛ ආවරණය සමච්චලයට ලක්කරද්දී, ඔහුගේ ප්‍රතිවාදියා වන බයිඩන් මුඛ ආවරණ පැලදිය යුතු බව යෝජනා කරයි. කෙසේ වෙතත් වත්මන් පාලකයා ලෙස ට්‍රම්ප්, මුඛ ආවරණය සෑමවිටම අධෛර්යට පත්කිරීම නිසා ඔහුගේ පාක්ෂිකයන් මුඛ ආවරණය ප්‍රතික්ෂේප කරයි. ඔවුන් මුඛ ආවරණ නැතිව රිසිසේ ගමන් කරයි. ඇමෙරිකානු ආසාදන හා මරණ දිනෙන් දින වැඩිවෙයි.
විශේෂයෙන් රාජ්‍ය පාලකයා හා රජයේ නියෝජිතයන් මුඛ ආවරණ නොමැතිව ගැවසෙන විට, ජනතාවද එය ගලවා දැමීම සාමාන්‍යයෙන් සිදුවන්නේ, අවවාදයට වඩා ආදර්ශය වැදගත් බැවිනි. පාලකයා ලිහිල් වනවිට, ජනතාවද වැඩි ලිහිල් වීමක් බලාපොරොත්තු වෙයි. නමුත් ලෝකයේ තවදුරටත් වසංගතය මාරාන්තික අයුරින් පවතින සහ අසල්වැසි රාජ්‍යයන්හි වාර්තාගත ලෙස ආසාදිතයන් හා මරණ වාර්තා වන වටපිටාවක, නව කොරෝනා වසංගත අවදානම පහව ගොස් ඇතැයි සිතා සිටින රටවලටද මේ කාරණය යළි යළිත් සිතා බැලීම වටී.



popular news
-
Demuni Uduwara Friday, 11 September 2020 05:45 PM
Don't mix Covid-19 with politics.
Reply : 0 0
Kumar Friday, 11 September 2020 08:48 PM
If so the republican president who held a rally yesterday with no masks and no social distancing got to be top idiot.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

