මියුනිච් දුම්රිය ස්ථානය අසල බෝම්බ පිපිරීමක්
- 1 12 2021
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ජර්මනියේ මියුනිච් නගරයේ ප්රධාන දුම්රිය ස්ථානය අසල පාලමක පැරණි ගුවන් යානා බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
මියුනිච් ගිනි නිවන හමුදාව පැවසුවේ තිදෙනාගෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.
ඉදිකිරීම් ස්ථානයක කැනීම් කටයුතු අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව මේ වනවිට අවදානම් කලාපය වට කර ඇත.
මියුනිච් හි දුම්රිය ක්රියාකරු ඩොයිෂ් බාන් පවසන පරිදි පිපිරීම හේතුවෙන් දුම්රිය ස්ථානයට සහ ඉන් පිටතට දුම්රිය ගමන් කිරීම අත්හිටුවා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
