මැතිවරණය සමග අගමැති මෝදි බොලිවුඩ් තරු සමග සෙල්ෆියක
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පිරිසක සමග පසුගියදා සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටියේ ඉදිරියේ පැමිණෙන මහ මැතිවරණයද අමතක නොකරමිනි.
සමාජ මාධ්‍ය භාවිත කරන දේශපාලඥයන් අතර ඉදිරියෙන්ම කියැවෙන මෝදි, ඉන්දීය ජන හදවත් තමන් වෙත නතුකර ගැනීම සඳහා සිය ට්විටර් ගණුම යුහුසුළු භාවිත කරන්නෙකු බව කියැවෙයි.
විශේෂයෙන්ම එලැඹෙන මැතිවරණ සමයත් සමග මෝදි අගමැතිවරයා විසින් නිකුත් කරන ට්විටර් පණිවුඩ එම පණිවුඩ ලැබෙන්නා අනුව වෙනස් වෙමින් ජාතිකත්ව හැඟීම මතු කරන පණිවුඩවල සිට බුහුටි පණිවුඩ දක්වා විවිධත්වයකින් යුතුව ඉදිරිපත් කෙරෙයි.
එමෙන්ම, ඔහුගේ ට්විටර් පණිවුඩවල බොලිවුඩ් සිනමා පටවල තේමාවන්ද අඩංගු වන අතර, ඉන්දියාවේ ඉතා සුලභ සමාජජාල පරිශීලකයන් සිය වසඟයට ගැනීමට ඔහු මේ හරහා බොහෝ සමත්කමක් දක්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
