මාස 8ක් පඩි නැතිව වැඩකළ ජනාධිපතිවරයෙක් ගැනයි
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රටේ රාජ්‍ය නායකයා බවට පත්වීමෙන් පසු තමාට කිසිදු ගෙවීමක් ලැබී නොමැති බව සැම්බියානු ජනාධිපති හකයින්ඩේ හිචිලේමා තහවුරු කර තිබේ.
"වැටුප් පිළිබඳ ප්රශ්නය, මට ප්‍රශ්නයක් නොවන්නේ මුදල් රජයේ නිලතල සෙවීමට අපගේ අභිප්‍රේරණය නොවූ නිසා මිස, රජය වැටුපක් ගෙවීමට අකමැති වූ නිසා නොවෙයි." හිචිලේමා පැවසීය.
හිචිලේමා කියා සිටියේ , ඔහු ජනතාවගේ ජීවිත යහපත් කරන්නේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කළ නිසා ඔහුගේ වැටුප කෙරෙහි අවධානය යොමු නොකළ බවයි.
සැම්බියානු මාධ්‍ය මීට පෙර රටේ මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු, ගෙවුණු අගෝස්තු මාසයේදී රාජ්‍ය නායකයා වූදා සිට හිචිලේමාට වැටුප් නොලැබුණු බවයි.
සැම්බියාවේ ව්‍යාපාරිකයෙකු ලෙස බොහෝ විට විස්තර කෙරෙන ජනාධිපතිවරයා ගොවිතැනින් සහ ගව පාලනයෙන් සිය ධනය උපයාගත් සාර්ථක ව්‍යවසායකයෙකි. සැම්බියාවේ ජනාධිපති වීමට පෙර හිචිලේමා හිටපු ජනාධිපතිවරයාගේ සහ රජයේ ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව කතා කළේය.
"මෙය ආහාර මිලදී ගැනීමට අරගල කරන සාමාන්‍ය සැම්බියානු වැසියන්ට කරන අපහාසයක්. මගේ වැටුප වැඩි කිරීමට වඩා මම ජනතාවට මුදල් දීමට කැමතියි" ඔහු පසුගිය වසරේ ට්විටර් පණිවුඩයකින් හිටපු ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය විවේචනය කර තිබුණි.


popular news
-
69 ශ්‍රී 2019 Thursday, 07 April 2022 05:12 AM
ඇයි සැම්බියාකවෙ විතරයි කියන්නෙ ලංකාවෙ ජනාධිපති පත්වූ දවසේ සිටම නොගත් මුදල් කවුරුද ලොක්කෙක් හොරා ගත්තා කිව්වෙ මතක නැද්ද රටේ සාමාන්‍ය සේවකයින් මාසේ පඩිය දෙනතුරු ඉන්න බැරුව දහවෙනිදට වැටුප් අත්තිකාරම් ගනිද්දී කොහොමද ජනාධිපති වැටුප් ගැන දන්නෙත් නැතිවීම බය්යනේ දැන් සැපදෝඕඕඕඕඕ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

