මාස තුනකින් පසු හොංකොං වැඩිම දෛනික ආසාදිතයන්
හොංකොං හි ගෙවීගිය සෙනසුරාදා දිනයේ නව කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වී ඇති අතර, මෙය මාස තුනකට වැඩි කාලයක් තුළ එරටින් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බව සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
එහිදී මෙසේ අලුතින් වාර්තා වූ ආසාදිතයන්ගෙන් 36ක්ම දේශීයව වෛරසය සම්ප්‍රේෂණය වූ අය බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
"කොවිඩ්-19 ආසාදනයේ තත්ත්වය දරුණු ලෙස ලොව පුරා ව්‍යාප්තව තිබෙනවා. ඒ වගේම වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන බවත් සලකන විට, හොංකොං වලින් පිටත සියලුම අත්‍යවශ්‍ය නොවන සංචාර වලින් වළකින ලෙස මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා" සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
එමෙන්ම ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ පිටතට යාම, සමාජ සම්බන්ධතා පැවැත්වීම සහ කෑම ගැනීම වළක්වා ගන්නා ලෙසය.
මෙම නව ආසාදන පිළිබඳ වාර්තා වන්නේ සිංගප්පූරුව සහ හොංකොං අතර ඇති කිරීමට ගිය ජනප්‍රිය සංචාරක බුබුලද කල් දැමීමට දෙපාර්ශ්වයම තීරණය කිරීමෙන් පසුවය. එය සති දෙකකින් ප්‍රමාද කිරීමට ඔවුන් තීරණය කර ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

