ට්රම්ප් පරිපාලනයෙන් ඉවත් වෙමින් තමන් ධවල මන්දිරයේ රාජකාරිවලින් ඉවත් වන බව ලෝකයේ අංක එකේ ධනවතා වන එලොන් මස්ක් පවසයි.
ඩොනල්ඩ් ට්රම්ප් නැවතත් ඇමෙරිකාවේ ජනපති ලෙස පත්කිරීම වෙනුවෙන් සිය ධනය හා ශ්රමය කැපකළ එලෝන් මස්ක් ඇමෙරිකානු ජනපති අලුතින්ම හඳුන්වාදුන් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ (ඩොජ්) ප්රධානියා වශයෙන්ද කටයුතු කළේය.්
මෙම දෙපාර්තමේන්තුව හරහා රජයේ වියදම් කාර්යක්ෂම කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් පිහිටුවූ ඇතර ඒ හරහා රජයේ රැකියා විශාල ප්රමාණයක් කප්පාදු කිරීමට මෙන්ම යූඑස් ඒඩ් හරහා ලබාදුන් ප්රදානද අත්හිටුවිමට කටයුතු කළේය.
ධවල මන්දිරයේ විශේෂ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කළ මස්ක් බදාදා දිනයේදී එම රාජකාරීවලින් ඉවත් වීම ආරම්භ කළේය.
ඩොජ් දෙපාර්තමේන්තුවේ ඔහුගේ භූමිකාව තාවකාලික වූ අතර ඔහු රැකියාවෙන් ඉවත්වීම අනපේක්ෂිත නොවේ. කෙසේ වෙතත් ට්රම්ප් විසින් ඉදිරිපත් කළ නව අය වැය සම්බන්ධයෙන් මස්ක් ප්රසිද්ධියේ සිය විවේචනය ඉදිරිපත් කිරිමෙන් පැය කිහිපයක් තුළ මස්ක් සිය රාජකාරී නිමා කිරීම කැපී පෙනන සිදුවීමකි.
"විශේෂ රජයේ සේවකයෙකු ලෙස මගේ නියමිත කාලය අවසන් වන විට, නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ජනාධිපති ට්රම්ප්ට ස්තූති කිරීමට කැමතියි," මස්ක් සිය එක්ස් ගිණුමට සටහනක් එක්කර තිබේ.
"DOGE මෙහෙයුම කාලයත් සමඟ ශක්තිමත් වනු ඇත්තේ එය රජය පුරා ජීවන මාර්ගයක් බවට පත්වන විට පමණි." යැයි ඔහු සිය එක්ස් ගිණුමෙන් පවසයි.