මිත්‍යා සමාජයක් සමඟ රහස් සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා ලැබූ තායිලන්ත විරුද්ධ පක්ෂයක් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කර තිබේ.
ෆියුචර් ෆෝවර්ඩ් පක්ෂයට එරෙහිව දේශද්‍රෝහී චෝදනාවක් එල්ල කළේ එය ඉලුමිනාටි නමැති මිත්‍යා සමාජයේ බලපෑමට ලක් වූ බවටත්, රාජාණ්ඩුව පෙරලා දැමීමට උත්සාහ කරන බවටත්ය.
කෙසේ වෙතත් තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය එම චෝදනාව නිෂ්ප්‍රභ කළ අතර, යම් ලෙසකින් එම චෝදනා ඔප්පු වූයේ නම් එම පක්ෂය තහනම් කිරීමටද ඉඩ තිබුණි.
ෆියුචර් ෆෝවර්ඩ් පක්ෂය ආරම්භ කරන ලද්දේ මීට වසර දෙකකටත් අඩු කාලයකට පෙරය. එය තරුණ ඡන්දදායකයන්ගෙන් දැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇති අතර පසුගිය වසරේ පැවති මහ මැතිවරණයෙන් ආසනවලින් තෙවැන විශාලතම කොටස දිනා ගැනීමට සමත් විය.