භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගොඩ බෑමේදී අනතුරක
හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොට බෑමට පැමිණි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන්
ඉවතට පැන මුහුදට වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන් තොටුපොළේ මුර සංචාරය කරමින් සිටි මෝටර් රථයකද ගැටී තිබේ. එම මෝටර් රථයද මුහුදට වැටී ඇති අතර මෝටර් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් බේරාගෙන රෝහල් ගත කිරිමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒම අවස්ථාවේදී ගුවන්යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ සිවු දෙනා උපද්‍රවයකින් තොරව බේරා ගෙන තිබේ.
ගුවන් යානයඑමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් වන අතර ඒය භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් යොදා ගන්නා අතර වසර 30ක් පමණ පැරණ් ගුවන් යානයක් වෙයි. හොං කොං වේලාවෙන් අද අලුයම මෙම අනතුර සිදුව තිබේ.
ගුවන් යානය කොටස් දෙකකට කැඩී ගොස් තිබූ අතර, ගුවන් යානය ගොඩබෑමේදී කිසිදු ආපදා සංඥාවක් යවා නොතිබුණි. මුහුදෙන් ගුවන් යානයේ කළු පෙට්ටි සොයා ගැනීමට විමර්ශකයින් දැන් උත්සාහ කරමින් සිටී
සිද්ධිය සිදුවන අවස්ථාවේ ධාවන පථයේ තත්ත්වය මෙහෙයුම් සඳහා ආරක්ෂිත යැයි සැලකේ.
අනතුර සිදු වූ ධාවන පථය වසා දමා ඇත. එය නැවත විවෘත කරනු ලබන්නේ ආරක්ෂක තක්සේරුවකින් පසුව පමණක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.ගුවන් තොටුපළ නිලධාරීන් ගුවන් සමාගම සමඟ ගුවන් යානයේ සුන්බුන් මුහුදෙන් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ප්‍රතික්ෂේප නොකරන බව පොලිසිය පවසයි. ගුවන් යානය ඩුබායි සිට හොංකොං බලා ගමන් කර තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

