බෙලාරුස්, රුසියාව සමග න්‍යෂ්ටික සාකච්ඡාවක
බෙලාරුස් වෙත න්‍යෂ්ටික අවි නැවත ලබාගැනීමේ අදහස, පෝලන්තය විසින් එක්සත් ජනපදයෙන් පරමාණුක අවි තම භූමියේ යෙදවීමට ඇති කැමැත්ත නිසා ඇති වූවක් බව බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අවධාරණය කරයි.
"රුසියාවේ ජනාධිපතිවරයා සමග මෙම මාතෘකාව මතු වූයේ පෝලන්ත ජාතිකයන් ඇමරිකානුවන් වෙත හැරී පෝලන්තයට න්‍යෂ්ටික අවි ගෙන එන ලෙස ඉල්ලා සිටීමෙන් පසුවයි. එවිට මම ජනාධිපති පූටින්ට කිව්වේ, ‘අපි කිසිවක් සිදු නොවන බව මවාපාන්නේ ඇයි?’කියායි" ලුකෂෙන්කෝ ජාතියේ අගනුවර වන මින්ස්ක්හි සිය නිදහස් දින කතාවේදී පැවසීය.
ජූනි 25දා, ලුකෂෙන්කෝ රුසියානු නායක පූටින්ගෙන් ඉල්ලා සිටියේ, න්‍යෂ්ටික යුද හිස් රැගෙන යා හැකි Su-35 ගුවන් යානා වෙත අනුවර්තනය වීමට බෙලරුසියාවට උදව් කරන ලෙසයි.
ඒ අනුව මෙම යුද ගුවන් යානා නවීකරණය කිරීමට පූටින් හරිත එළියක් ලබා දුන් අතර ඉදිරි මාස කිහිපය තුළ රුසියාව තම මිත්‍ර රට වෙත උපායශීලී මිසයිල පද්ධති යවන බවට ප්‍රතිඥා දුන්නේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

