බූස්ටර් හැමෝටම තවමත් අවශ්‍ය නෑ - WHO සහ FDA
බහුතර සාමාන්‍ය ජනතාවක් සඳහා අතිරේක කොවිඩ්-19 මර්දන එන්නතක් හෝ බූස්ටර් මාත්‍රාවක් තවමත් අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) ඇතුළු ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර විද්‍යාඥයින්ගේ අදහස් ගොනුකළ ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ලිපියක් අවධාරණය කරයි.
දැනට ලබාදී ඇති එන්නත් කොවිඩ්-19 වෛරසයේ දැඩි අසාධ්‍යය තත්ත්වයන්ට එරෙහිව ඉහළ කාර්යක්ෂමතා මට්ටමක් පෙන්වන බැවින්, බූස්ටර් මාත්‍රාවක් පුළුල් ලෙස භාවිත කිරීම සාධාරණීකරණය කිරීමට වැඩි සාක්ෂි අවශ්‍ය බවද එම විද්‍යාඥයෝ පවසති.
ඒ අනුව සෞඛ්‍ය නියාමකයන්ගේ අනුමැතිය ඇතිව පූර්ණ එන්නත් ලබාදුන් ඇමෙරිකානුවන් බොහෝ දෙනෙකුට ලබන සතියේ සිට තවත් වටයකට බූස්ටර් මාත්‍රාවක් ලබාදීමට තීරණය කිරීමේ එක්සත් ජනපද රජයේ සැලසුම්ට එම දෘෂ්ටිය විරුද්ධ වේ.
"ප්‍රතිශක්තිය උත්තේජනය කිරීමේ හෝ වැඩිදියුණු කිරීමේ කාලය පිළිබඳ ඕනෑම තීරණයක් ගත යුත්තේ ප්‍රමාණවත් ලෙස පාලනය කළ සායනික හෝ වසංගත රෝග දත්ත ඉතා පරිස්සමින් විශ්ලේෂණය කිරීමෙන් මෙන්ම, දැඩි රෝගබාධයන්ට ලක්වීමේ අඛණ්ඩ හා අර්ථවත් අඩුවීමක් පෙන්නුම් කිරීම යන කරුණු දෙක මතයි" ලැන්සෙට් ලිපිය වැඩිදුරටත් පවසයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

