බිල නොගෙවූ බිළිඳු දේහය රියදුරු මෙහෙයුමකින් රෝහලෙන් පිටතට
ඉන්දුනිසියාවේ පෞද්ගලික රෝහලක බිල්පත නොගෙවීම නිසා බිළිඳෙකුගේ සිරුරු මුදානොහැරීමට උරණ වූ එරට යතුරුපැදි කුලී රියදුරන් බලහත්කාරයෙන් එම සිරුර ලබාගෙන තිබේ.
එය ඔවුන් මානුෂීය මෙහෙයුමක් ලෙස සිදුකළ බවත්, ඇ.ඩො. 1,774ක් වූ රෝහල් බිල්පත ගෙවීමට දරුවාගේ දෙමුපියන්ට එදිනම සිදුකළ නොහැකි වුවත්, තම ආගමික නීතිය අනුව දරුවා හැකි ඉක්මණින් භූමදාන කළ යුතු නිසා මෙය සිදුකළ බව කුලී රියදුන් කියයි.
මෙම දරුවාගේ මාමාද මෙම කුලී රථ රියදුරෙකු බැවින් සිද්ධිය ආරංචි වූ වහාම නගරයේ සියලුම යතුරුපැදි කුලී රියදුරන් පැමිණ රෝහල් පරිශ්‍රය වෙතට ඇතුළු වී ඇති අතර, එම අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් ඔවුන් වැළැක්වීමට කටයුතු නොකර ඇති බව කියයි.
පසුව, එක් යතුරුපැදියක මෙම කුඩා බිළිඳු දේහය රැගෙන යන දර්ශනයක්ද ඉන්දුනීසියාවේ සමාජ ජාල මාධ්‍ය තුළ ඉතා වේගයෙන් පැතිර ගොස් තිබුණි.
එමෙන්ම, මේ ආකාරයෙන් රෝහල් බිල් ගෙවාගැනීමට නොහැකිව සිටින අසරණ ජනතාව සම්බන්ධයෙන්ද සමාජ ජාල මාධ්‍ය තුළ කතිතාවතක් ඇරඹී තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

