බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් නායකත්වයට 8ක් ඉදිරියට
- 12 07 2022
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
බොරිස් ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරඟය සඳහා අපේක්ෂකයින් අට දෙනෙකු ඉදිරිපත්ව ඇති බව, නායකත්ව තරඟය සංවිධානය කිරීම භාර කමිටුව පවසයි.
ඒ අනුව, යෝජනා කරන ලද නම් වන්නේ රිෂි සුනක්, ලිස් ට්‍රස්, කමී බඩෙනොක්, පෙනි මෝර්ඩන්ට්, සුඑල්ලා බ්රෙවර්මන්, ජෙරමි හන්ට්, නධීම් ස්හවායි සහ ටොම් ටියුජෙන්දත් යන පිරිසයි.
සජිඩ් ජාවිඩ් සහ රෙහ්මාන් චිෂ්ටිද ඡන්දය සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර තිබුණද අවසන් අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔවුන් ඉවත් වන බව ප්‍රකාශ කළහ.
අපේක්ෂකයෙකු ලැයිස්තුවට ඇතුළත් වීමට නම්, ඔවුන් අවම වශයෙන් නාමයෝජනා 20ක් ලබාගත යුතු අතර, පළමු වටයේ ඡන්ද විමසීම අද ආරම්භ වේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
