බ්‍රිතාන්‍යයේ ආසාදිත 100,000 සීමාවට - මරණ 12,800 පනී
මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 100,000 සීමාවට පැමිණි මේ වනවිට 99,489ක් ලෙස වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන පරිදි වෛරසය ආසාදනය වීමෙන් එරට තුළ මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 12,868කි.
කෙසේ වෙතත් මහා බ්‍රිතාන්‍යයේ මේ දක්වා කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලබා පිටව ගොස් ඇත්තේ 368ක් තරම් සුළු පිරිසකි.
මේ අතර ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන එක්සත් ජනපදයෙන් මේ වනවිට ආසාදිතයන් 637,359ක් වාර්තා වන අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 28,364කි. සුවය ලැබූවන් 52,305කි.
දෙවනුවට වැඩිම ආසාදිතයන් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම අගය 180,659කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 18,812කි. සුවය ලැබූවන් 70,853කි.
තෙවනුවට වැඩිම ආසාදිතයන් ඉතාලියෙන් වාර්තා වන අතර, එම අගය 165,155කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 21,645කි. සුවය ලැබූවන් 38,092කි.
සිව්වනුව වැඩිම ආසාදිතයන් ජර්මනියෙන් වාර්තා වන අතර, එම අගය 134,753කි. කෙසේ වෙතත් එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,804කි. සුවය ලැබූවන් 72,600කි.
පස්වනුව වැඩිම ආසාදිතයන් ප්‍රංශයෙන් වාර්තා වන අතර, එම අගය 134,582කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 17,188කි. සුවය ලැබූවන් 31,470කි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

