බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩා සමාජයක ගින්නකින් පුද්ගලයන් 10ක් නසී
- 8 02 2019
- 20:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
බ්‍රසීලයේ ප්‍රමුඛතම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ෆ්ලෙමින්ගෝ හි තරුණ පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයන් රැඳී සිටි නිදන ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රියෝ ද ජැනීරෝ නුවර, නින්හෝ ද උරුබූ ප්‍රදේශයේ ඇති වූ මෙම ගින්නෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබේ.
මියගිය පුද්ගලයන් 10 දෙනමා තරුණ පාපන්දු ක්‍රීඩකයන් බව එරට මාධ්‍ය පවසන අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
ෆ්ලෙමින්ගෝ ක්‍රීඩා සමාජය බ්‍රසීලය තුළ මෙන්ම, ජාත්‍යන්තර වශයෙන්ද වඩාත් ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයකි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
