බයිඩන් සහ පූටින් හෙට සාකච්ඡාවකට සූදානම්
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් හෙට (12දා) සාකච්ඡාවක නිරත වන බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් අනාවරණය කරයි.
මේ අතර, ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ද හෙට දිනයේ සිදුවන දුරකථන සංවාදය තහවුරු කළ අතර, එක්සත් ජනපදය ඇමතුම ආරම්භ කරන බවද සඳහන් කළේය.
යුක්රේනය ආසන්නයේ රුසියානු හමුදා ඒකරාශී වීම මෙන්ම, නේටෝ හමුදාවන්ගේ ක්‍රියාකලාපයන් සමග යුද උණුසුමක් වර්ධනය වීම මධ්‍යයේ මීට සෘජුවම සම්බන්ධ පාර්ශ්වයන් දෙක සිදුකරන පළමු වැනි සාකච්ඡාව මෙය වෙයි.
විශේෂයෙන්ම යුද උණුසුම සංසිඳුවීම සඳහා පසුගියදා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ රුසියානු සංචාරයද මෙම සාකච්ඡාවට මග පාදන්නට ඇති බව විදෙස් වාර්තා පවසයි.


popular news
-
Kumar Sunday, 13 February 2022 02:39 AM
yudhak athi vunoth pardu lankawatayi. rusian ssucharakayoth nathiwenawa ukerainsucharakayoth nathivewenawa. ita amatharawa siydahasganakage jeewitha winasha wenawa. kisima hethuwak nathuwa swadeena ratak arkramanya karana eka harida.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

