පෝලන්ත ජනපති ඩූඩාට කොවිඩ් ආසාදනය වෙයි
පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩූඩාට පසුගියදා කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්කිරීමේදී ඔහුට වෛරසය ධනාත්මක බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව 48 හැවිරිදි ඩූඩා කොවිඩ්-19 සමග රෝගාතුර වූ ලෝක නායකයන් අතළොස්සක් සමග එක්වන අතර, ඔවුන් අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ද වෙති.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ තත්ත්වය එතරම් බරපතළ නොමැති බවත්, ඔහු දැනට සුවයෙන් පසුවන බවත් එරට ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට පෝලන්තය නව කොරෝනා වෛරස වසංගතයේ වැඩිවීමකට මුහුණදී සිටින අතර, පසුගිය සිකුරාදා එරට දෛනික ආසාදන 13,600කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ප්‍රාථමික පාසල් සහ අවන්හල් අර්ධ වශයෙන් වසා දැමීම ඇතුළත් රට පුරා රතු කලාප අගුලු දැමීමකට රට පෝලන්තය පිවිස ඇත.
ඩූඩා පසුගිය සඳුදා එස්තෝනියානු අගනුවර වන ටැලින් හි පැවති උත්සවයකට සහභාගී වූ අතර, එහිදී බල්ගේරියානු ජනාධිපති රූමන් රදෙව් හමුවිය. එමෙන්ම එස්තෝනියානු ජනාධිපති කර්ස්ටි කල්ජුලයිඩ්ද ඔහු මුණගැසුණි. ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් වෛරසය ධනාත්මක වීමක් වාර්තා වී නැත.


popular news
-
COVID Sunday, 25 October 2020 07:34 AM
Api sarthakawa COVID mardanaya kalada kiyanawa nam ape rate Janadhipathita, Agamathita, parliment member kenekuta thiya Pradesheeya sabawe ekekutawath Covid hadunada? ekata Americawe, Brithanye, Polanthe, Spain wala, .. hana ratakama ayata haduna. Kauda ban COOVID samaja gatha wela kiyanne lankawe.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

