පේලෝසි චීනයේ සිහිනය බවට පත්වෙලා - ට්‍රම්ප්
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවානයේ සංචාරයක නිරත වූ එරට කතානායිකා නැන්සි පෙලෝසිගේ සංචාරය “චීනයේ සිහිනය” ලෙස හඳුන්වමින් ඇය හෙළා දැක තිබේ.
මහා පරිමාන චීන හමුදා අභ්‍යාසවලට සහ එක්සත් ජනපදය සමග සමහර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ දැමීමට තුඩු දුන් පෙලෝසිගේ සංචාරය “මහත් ගට්ටනයක් හා වෛරයක් ඇති කරයි” යනුවෙන් ට්‍රම්ප් මීට පෙරද කියා තිබුණි.
“පිස්සු නැන්සි පෙලෝසි, මොකට ගියාද?ඇය තායිවානයේ කුමක් කරමින් සිටියාද? ” ට්‍රම්ප් විස්කොන්සින් හි පැවති ප්රචාරක රැලියකදී පැවසීය. “ඇය චීනයේ සිහිනය වෙලා. ඇය ඔවුන්ට නිදහසට කරුණක් දුන්නාය. ඔවුන් ඒ නිදහසට කරුණක් සොයමින් සිටියේ, ඇය එය දුන්නා. ඇය ස්පර්ශ කරන සෑම දෙයක්ම මොකද්ද කියලා දැන් ඔබ දන්නවා“ ට්‍රප්ම් වැඩිදුරටත් කියා සිටියේය.


popular news
-
Kumar Sunday, 07 August 2022 02:37 PM
mulinma cheenaya samaga prashna athikale trump. covidwalata "kungflu" kiyala kiwwe. Cheenayata virudhdhawa sabadaka panewweth trumpmayi. dan cheeney lewakanna hadanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

