රුසියාව විසිල් යුක්රේනයට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ එම ප්‍රහාරය පිළිබඳව තමන් නොසතුටු බවයි.
"මොකක්ද ඔහුට වුණේ? ඔහු ගොඩක් මිනිස්සු මරනවා." යැයි සඳහන් කළ ට්‍රම්ප් තවදුරටත් සඳහන් කෙළේ පුටින්ට "අතිශයින්ම පිස්සු" ලෙසයි.
මෑත කාලීන රුසියානු ප්‍රහාර සම්බන්ධයෙන් වොෂින්ටනයේ "නිශ්ශබ්දතාවය" පුටින් දිරිමත් කරන බවත්, මොස්කව් මත දැඩි සම්බාධක ඇතුළුව "දැඩි පීඩනයක්" ඉල්ලා සිටින බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මීට පෙර පැවසීය.
රුසියාව විසින් යුක්රේනයට ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර 367 ක් එල්ල කිරීමෙන් පසු ඉරිදා රාත්‍රියේ යුක්රේනයේ අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබීය. 2022 දී රුසියාව විසින් යුක්රේනයට එරෙහිව එල්ල කළ වැඩිම ඩ්‍රෝන හා මිසයිල ප්‍රමාණය මෙය වෙයි.