පිලිපීනය වෙත බලපෑ දරුණු ගංවතුර හේතුවෙන් 13ක් මරුට
- 28 12 2022
- 16:40
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
පිලිපීනය වෙත බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 13ක් වන අතර, තවදුරටත් 23දෙනෙකු අතුරුදන්ව ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ ආයතනය පවසයි.
දින දෙකක් පුරා නොකඩවා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව මෙම ගංවතුර ඇති වීමට හේතු වී ඇති අතර, මේ වනවිටත් 45,000ක උන්හිටි තැන් අහිමි වී ඇති බවද සඳහන් වේ.
මෙම දැඩි ගංවතුර හේතුවෙන් පිලිපීනයේ බොහෝ ජනතාවගේ ජීවනෝපාය වන පශු සම්පතටද දැඩි හානි සිදුව ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
