පාකිස්තාන මහ මැතිවරණය හෙටයි - කුමන්ත්‍රණයක් පිළිබඳ කසුකුසුවක්
පාකිස්තාන මහ මැතිවරණය හෙට (25දා) ආරම්භ වීමට නියමිතව තිබුණත්, ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි සැබෑ ප්රජාතන්ත්රවාදය රට තුළ ස්ථාපිත කිරීම සිහිනයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
පාකිස්තානයේ 11 වැනි මහ මැතිවරණය හෙට පැවැත්වෙන අතර, වසර 70ක ආසන්න ඉතිහාසය තුළ සෑමවිටම එරට පැවතියේ අර්ධ-ප්රජාතන්ත්රවාදයක් හෝ හමුදා පාලනයකි.
පාකිස්තානය ආසන්න රාජ්‍යයන්ගේ පැවති සටන් මෙන්ම, රට තුල ක්‍රියාත්මක ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදයද සැලකිය යුතු ලෙස එම තත්ත්වය ඇති ඔඩුදිවීමට සහාය දක්වා ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, පසුගිය දශකයේදී පාකිස්තානය තුළ යම් ආකාරයක ප්රජාතන්ත්රවාදයක් පැවතියත්, මෙවර මැතිවරණයත් සමග ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් එන කුමන්ත්රණයක ස්වරූපයක් දැකගත හැකි බවටද අනතුරු ඇඟවී තිබේ.
එහිදී, අතීතයේ මෙන්ම රට තුළ ප්රබලව ක්‍රියාත්මක වන හමුදාව මෙවරද කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකකටයුතු උපදවා ඇති බව කියැවෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

