පාකිස්තානයේ හිම කඳු කඩා වැටී හත් දෙනෙකු කඳු අතර සිරවෙලා
- 18 06 2019
- 00:20
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
උතුරුදිග පාකිස්තානයේ හිම කන්දක් තරණය කරමින් සිටි කඳු නගින්නන් 7 දෙනෙකු හිම කඳු කඩා වැටීමකට සිරවී ඇති බව වාර්තාවෙයි.
ඇෆ්ගනිස්ථානයට ආසන්න ඝීසර් දිස්ත්‍රික්කයේදී මෙම අනතුර සිදුව ඇති අතර, ඉතාලි ජාතික කඳු නගින්නන් සිව්දෙනෙකු සහ පාකිස්ථාන ජාතික කඳු නගින්නන් තිදෙනෙකු මේ අතර සිටින බව කියයි.
එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට අද පෙරවරුවේ මෙම හිම කඳු කඩා වැටීම සිදුව තිබේ.
පාකිස්තාන හමුදාව මෙම පිරිස මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණත්, ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම මෙහෙයුම හෙට දිනය දක්වා කල් දැමීමට බලධාරීන්ට සිදුව ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
