පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනය පවසයි.
ඉස්ලාමාබාද් නුවර මහාධිකරණය අසල ඇති වූ පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස විමර්ශන ආරම්භ කර ඇති බව පාකිස්තානය පවසයි.
අගනුවර පුරා නිශ්චිත ආරක්ෂක කලාප සහිතව නගරයට ඇතුළු වීමට සහ පිටවීමට ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සකස් කර තිබේ. නගරයේ කාර්යබහුල අධිකරණ සංකීර්ණයේ වාහන නැවැත්වීමේ ස්ථානයේ මෙම පිපිරීම සිදුව තිබේ.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකු භාරගෙන නොමැත. වයඹදිග පකිස්තානයේ කැඩෙට් විද්‍යාලයකට සිදුවූ පහරදීමකින් දිනකටත් අඩු කාලයකදී මෙම ප්‍රහාරය සිදුව තිබේ.
