ප්‍රධාන රුසියානු ඉල්ලීම් ඉටු කිරීමට යුක්රේනය සූදානම්
යුක්රේනය සමග සාම සාකච්ඡාවලදී රුසියාවේ ප්‍රධාන සාකච්ඡාකරු ව්ලැදිමීර් මෙඩින්ස්කි බදාදා කියා සිටියේ කියෙව් නිල වශයෙන් මධ්‍යස්ථ රාජ්‍යයක් වීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බවය.
නේටෝ සංවිධානයට බැඳීමට යුක්රේනය දැරූ උත්සාහය, පසුගිය මාසයේ හමුදා ප්‍රහාරයක් ඒ වෙත දියත් කළ එක් හේතුවක් බව මොස්කව් ප්‍රකාශ කළේය.
මෙඩින්ස්කි සිය ප්‍රකාශය සිදු කළේ තුර්කියේ ඉස්තාන්බුල්හිදී දෙපාර්ශ්වය සාම සමුළුවක් පැවැත්වීමෙන් දිනකට පසුවය. ඔහු පැවසුවේ යුක්රේන කණ්ඩායම අනාගත සාම ගිවිසුමක් සඳහා මාර්ග සිතියම් කෙටුම්පතක් ඉදිරිපත් කළ බවය.
"ඊයේ, පළමු වැනි වතාවට, යුක්රේනය වාචිකව පමණක් නොව ලිඛිතවද නිවේදනය කළේ, රුසියාව සමග සාමාන්‍ය ලෙසත් බලාපොරොත්තු වන ලෙසත් අනාගතයේ යහපත් අසල්වැසි සබඳතා ගොඩනගා ගැනීම සඳහා වඩාත් වැදගත් කොන්දේසි ගණනාවක් සපුරාලීමට සූදානම් බවයි." මෙඩින්ස්කි පැවසීය.
"2014 යුක්රේනයේ කුමන්ත්රණයෙන් පසුව රුසියාව වසර ගණනාවක් පුරා කියෙව් පාලන තන්ත්රයට, එහි අනුග්‍රාහකයන්ට, විශේෂයෙන් එක්සත් ජනපදයට මෙම ඉල්ලීම් කරමින් සිටින බව මා ඔබට සිහිපත් කළ යුතුයි. මේ සියලු ඉල්ලීම් වසර ගණනාවක් පුරා නොසලකා හැර තිබුණා. ඒ වෙනුවට උතුරු අත්ලාන්තික් සන්ධානය වසර ගණනාවක් පුරා යුක්රේනියානු භූමියේ රුසියානු විරෝධී අඩිපාරක් නිර්මාණය කරන්නට වුණා." මෙඩින්ස්කි වැඩිදුරටත් පැවසීය.


popular news
-
Kumar Thursday, 31 March 2022 02:43 AM
americawey inna apata oya kiyana thorathuru labla nahaney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

