නොවාවැක්ස් එන්නත 3 වැනි සායනික පරීක්ෂණ ඇරඹෙයි
නොවාවැක්ස් හි කොවිඩ්-19 එන්නතෙහි තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේදී ආරම්භ කිරීමට නියමිත බව සමාගම ඊයේ (28දා) නිවේදනය කළේය.
NVX-CoV2373 ලෙස හැඳින්වෙන එන්නත් අපේක්ෂකයා සඳහා වන සායනික පරීක්ෂාවන් හිදී වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් 30,000ක් යොදා ගනිමින් එහි ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ඇගයීමට ලක් කරනු ඇත.
මෙම එන්නතෙහි පළමු හා දෙවැනි අදියරයන් මත පදනම්ව තෙවැනි අදියර පරීක්ෂණ සිදුවන අතර, එමගින් එන්නත ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කළ බවත්, එය ආරක්ෂිත බවත් පෙනී ගියේය.
මෙම එන්නත මගින් මධ්‍යස්ථ කොවිඩ්-19 රෝග ලක්ෂණ මෙන්ම, දරුණු කොවිඩ්-19 රෝගී තත්ත්වයන්වලින්ද ආරක්ෂා කරනු ඇත්දැයි පරීක්ෂණයෙන් විමසා බලයි.
සහභාගිවන්නන්ගෙන් තුනෙන් දෙකකට අහඹු ලෙස එන්නත් දෙකක් දින 21ක කාල පරාසයකින් ලබාදෙනු ඇත. එමෙන්ම මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ආශ්‍රිතවද මෙම එන්නත පරීක්ෂාවට ලක්කෙරෙන බව කියයි.
නොවාවැක්ස් පවසන්නේ අධ්‍යයන කණ්ඩායමෙන් අවම වශයෙන් 25%ක් වයස අවුරුදු 65 හෝ ඊට වැඩි විය යුතු බවත්, අවම වශයෙන් 15%ක් කළු ජාතිකයන් විය යුතු බවය. එමෙන්ම අවම වශයෙන් 10 සිට 20% දක්වා ලතින් සහ 1-2% ඇමෙරිකානු ඉන්දියානුවන් බවත් කියයි.
මෙම තෙවැනි අදියර අධ්‍යයනය සඳහා වෝර්ප් ස්පීඩ් වෙතින් ඇ.ඩො.බිලියන 1.6ක් දක්වා අරමුදල් සපයනු ලැබේ.


popular news
-
Don Tuesday, 29 December 2020 10:45 AM
Why Novavax when there is plenty of Dhammika mystic potion ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

