නේටෝව සමග වුවත් සටනට සූදානම් - රුසියාව
යුක්රේනයට සාම සාධක භටයන් යෙදවීමේ පෝලන්ත යෝජනාවට නේටෝව එකඟ වුවහොත්, එම පියවර එක්සත් ජනපදය ප්රමුඛ කණ්ඩායම සහ මොස්කව් අතර හමුදා ගැටුමක් දක්වා දුරදිග යන බව රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් බදාදා අනතුරු අඟවයි.
ලැව්රොව් ප්‍රකාශ කළේ පෝලන්තය විශාල බටහිර යුක්රේන නගරයක් වන එල්වොව් හි අඩිතාලමක් ඇති කර ගැනීමටත් ගැටුම අවසන් වූ පසු එහි රැඳී සිටීමටත් කැමති විය හැකි බවයි. "ඇයි නැත්තේ, ඔවුන්ට එවැනි සිතුවිලි තිබුණා, සිතුවිලි පමණක් නොව, මෙය අතීතයේ සිදුවුණා" ඔහු පැවසීය. යුක්රේනයේ රුසියානු හමුදා සමග සටන් කිරීමට ඔවුන්ගේ කුඩා බලඇණි යැවීමට එරෙහිවද රුසියානු විදේශ අමාත්‍යවරයා බෝල්ටික් රාජ්‍ය අනතුරු ඇඟවීය.
"දැන් නේටෝ සමුළුවක් පැවැත්වෙන බවත්, සාම සාධක භටයන් යෙදවිය යුතු බවත් අපගේ පෝලන්ත සගයන් දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. අවදානමට ලක්ව ඇති දේ ඔවුන් තේරුම් ගනී යැයි මා බලාපොරොත්තු වෙනවා. මෙය රුසියානු සහ නේටෝ සන්නද්ධ හමුදාවන් අතර සෘජු ගැටුමක් වනු ඇති. එය සෑම කෙනෙකුටම වළක්වා ගැනීමට අවශ්‍ය වූවා පමණක් නොව, එය කිසි විටෙකත් ප්‍රතිපත්තිමය වශයෙන් සිදු නොවිය යුතුයි" ලැව්රොව් ප්‍රකාශ කළේය.
මීට පෙර, එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් යුක්රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් පිහිටුවීමට යුක්රේනයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ එය අනිවාර්යයෙන්ම රුසියාව සමග සෘජු ගැටුමකට තුඩු දෙන බව පවසමිනි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ද ප්‍රකාශ කළේ, වොෂිංටනය යුක්රේනයේදී රුසියාවට එරෙහිව යුද්ධයක් නොකරනු ඇති බවය. එමෙන්ම එය නේටෝව සහ මොස්කව් අතර සෘජු ගැටුමක් හෙවත් තුන්වැනි ලෝක යුද්ධය ආරම්භ කිරීමට එක් මාර්ගයක් බවට අනතුරු අඟවමිනි.


popular news
-
Kumar Thursday, 24 March 2022 04:33 PM
ukeraineya masakata passeth jayaganna barivuna rusian hamudawa ganadakiyanne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

