නේටෝව සමග කළු මුහුදේ ගැටුමක් අවශ්‍ය නෑ - පූටින්
නේටෝ ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර වශයෙන් කළු මුහුදේ හදිසි හමුදා අභ්‍යාස පැවැත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ යෝජනාව තමා ප්‍රතික්ෂේප කළ බවත්, තමාට කලාපයේ ආතතීන් උත්සන්න කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරිදා විකාශනය වූ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේය.
බටහිර ඔත්තු ගුවන් යානා ක්‍රියාකාරකම් වැඩිවීම, උපායමාර්ගික බෝම්බ හෙලන ගුවන් ගමන් සිදුවීම සහ එක්සත් ජනපද යුද නැව් දෙකක් තිබීම හේතුවෙන් එක්සත් ජනපදය මෙන්ම නේටෝ හමුදාවන්ගේ මිලිටරි ක්‍රියාකාරකම්වල භයානක වැඩිවීමක් ගැන රුසියාව අවධානයෙන් පසුවිය.
"අපේ ආරක්ෂක අමාත්‍යාංශයද කළු මුහුද ආශ්රිත ප්‍රදේශයේ සැලසුම් නොකළ අභ්‍යාසයක් පැවැත්වීමට යෝජනා කළ බව මම පැවසිය යුතුයි. නමුත් එය සුදුසු යැයි මම සිතන්නේ නැහැ. එහි තත්වය තවත් උග්‍ර කිරීමට අවශ්‍ය නැහැ" පූටින් පැවසීය.
"කොහොම වුණත් එක්සත් ජනපදය සහ නේටෝ හමුදාවන් මේ වනවිට කලින් සැලසුම් නොකළ දෙයක් සිදුකරමින් සිටිනවා. මේ නිසා කළු මුහුදේ අභ්‍යාසය සැලසුම් නොකළ දෙයක් බව අවධාරණය කළ යුතුයි"පූටින් වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

