න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක රොකට්ටුවක් - ව්ලැදිමීර් පූටින්
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන රොකට්ටුවක් නිපදවීම සඳහා ඉදිරියට යාමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පොරොන්දු වී තිබේ.
අගෝස්තු 8 වැනි දින ධවල මුහුදේදී සිදුකළ පරීක්ෂණ පරාසයකදී රොකට් එන්ජිමක් පුපුරා යාමෙන් ඉංජිනේරුවන් පස් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු මියයෑමේ සිදුවීම සිහිපත් කරමින් පූටින් මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.
මෙසේ පුපුරා ගොස් ඇත්තේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන කෘස් මිසයිලයක කොටසක් බව ආරක්ෂක විශේෂඥයෝ විශ්වාසය පළ කරති.
“කිසිවක් නොතකා අපි මෙම ආයුධය පරිපූර්ණ කිරීමට කටයුතු කරනවා” යැයි පූටින් වින්දිතයන්ගේ වැන්දඹුවන්ට පවසා තිබේ.
"එවැනි අද්විතීය තාක්ෂණයන් සන්තකයේ තිබීමම පෘථිවියේ සාමය සඳහා වඩාත් වැදගත් සහ විශ්වාසදායක සහතිකයක්" බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
රුසියානු නායකයා බ්‍රහස්පතින්දා ක්‍රෙම්ලිනයේ පැවති උත්සවයකදී මියගිය අයගේ ඥාතීන් ගෙන්වා එම විරුවන්ට අදාළ සම්මාන ත්‍යාග පිරිනැමූ බව විදෙස් වාර්තා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

