ධවල මන්දිර රෝස උද්‍යානය මෙලානියා නවීකරණය කරයි -ඇමෙරිකානු මරණ 176,340
ඇමෙරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් ජාතික සම්මේලනයට පසුබිමක් ලෙස ජනපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් විසින් නවීකරණ කරන ලද ධවල මන්දිර රෝස් උද්‍යානය ඊයේ (22දා) දිනයේදී එළිදැක්වීය.
පසුගිය මාසයේ අග භාගයේ සිට රෝස් උද්‍යානය ඉදිවෙමින් පැවති අතර, ආර්යාව විසින් විවිධ වර්ගයන්ගේ රෝසමල් රෝපණ ප්‍රතිනිර්මාණය කිරීම සහ නව හුණුගල් ස්ථානගත කිරීම සඳහා උපදෙස් ලබාදී තිබුණි.
පදික වේදිකාවන්ද සහිතව රෝස උද්‍යානය නිර්මාණය කර ඇති අතර, කොවිඩ්-19 වසගංතය හේතුවෙන් එහි පැමිණෙන මාධ්‍යවේදීන්ට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමටද එමගින් පහසුවක් සැලසී ඇති බව කියයි.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 176,340ක් දක්වා වැඩිවී ඇති අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,666,121කි.
මෙම වාතාවණය තුළ එලැඹෙන මැතිවරණය සඳහා ජනපති ට්‍රම්ප් සූදානම් වන අතර, රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනය වඩාත් විචිත්‍රවත් ආකාරයෙන් පැවැත්වීමටද ට්‍රම්ප් සූදානම් වෙයි. මෙලානියාගේ නවීකරණය කරනලද රෝස උද්‍යානයත් එහි කොටසකි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

