දේව අපහාස නඩුවෙන් ජයගත් බිබී පාකිස්තානය හැර ගිහින්?
දේව අපහාස නීතිය යටතේ මරණ දඬුවමට නියම වී සිටි පාකිස්තානයේ කිතුණු කාන්තාවක වූ ආසියා බිබී වසර අටක සිර දඬුවමකින් පසු අධිකරණයෙන් නිදහස ලබා රටින් රහසේම පිටුවල් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇගේ නීතීඥයන් උපුටා දක්වමින් ඇයට බන්ධනාගාරයෙන් නිදහස ලැබීමට අවස්ථාව හිමිවූ බව පවසන එම වාර්තා, ඇය ගුවන් යානයකට ගොඩවී ඇති නමුත්, ඇගේ අවසන් ගමනාන්තය සම්බන්ධයෙන් කිසිදු හෙළි කිරීමක් සිදුකර නොතිබුණි.
පාකිස්තානයේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රබල විරෝධතා මැද ඇය නිදොස් කොට නිදහස් කිරීමට පසුගියදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ අතර, ඇය රටින් ඉවත් කරන බව පාකිස්තාන රජයද මීට පෙර පවසා තිබුණි.
එමෙන්ම, මරණ දඬුවමට යටත්ව සිටි බිබීගේ ස්වාමියා පවා කියා සිටියේ පවතින තර්ජන හමුවේ ඔවුන්ට විදෙස් රටක සරණාගතභාවය ලබාදෙන ලෙසයි.

popular news
-
lakmal Friday, 09 November 2018 12:44 PM
අනේ තොපේ පුකේ අල්ලාහ්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

