දෙවියන්ට ස්තුති වේවා - ගාසා වැසියෝ සටන් විරාමය සමරති
දින 11ක් පුරා ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් අවසන් කරමින් හමාස් සංවිධානය සමග ඊශ්‍රායලය සටන් විරාමයකට පැමිණීමේ සතුට සමරමින් ගාසා වැසියෝ ඊයේ අලුයම 2.00ට පමණ වීදිවලට පැමිණ "දෙවියන්ට ස්තූති වේවා" යනුවෙන් පවසමින් ප්‍රීතිඝෝෂා පැවැත් වූ බව විදෙස් වාර්තා පවසයි.
රාමසාන් උපවාසයේ අවසානය සනිටුහන් කරන ප්‍රීතිමත් මුස්ලිම් මංගල්‍යයක් වන ඊද් අල්-ෆිතර් සැමරීමට පසුගිය සතියේදී ඔවුන්ට අවස්ථාව අහිමි වූයේද මෙම ගැටුම්කාරී තත්ත්වය නිසාවෙනි. පලස්තීන ජාතිකයන් රැසකට ජීවිත අහිමි කළ, ගොඩනැගිල් රැසක් අලු දුහුවිලිවලට පත්කළ ගැටුමේ අවසානය දැකීමෙන් ප්‍රිතියට පත් ඔවුහු,
"දෙවියන් ශ්‍රේෂ්ඨයි, දෙවියන්ට ස්තුති වේවා" යනුවෙන් අරාබි බසින් කෑ ගැසූහ.
මෙම පුවතත් සමග මෝටර් රථවලින් ගාසා තීරයේ ප්‍රධාන වීදි පිරී ගිය අතර, රියදුරන් වාහන නළා හඬවමින්ද, ඇතැම් අය ජනේලයන්ගෙන් තුළින් පිටතට පැමිණ පලස්තීන ධජ අතින් රැගෙන ගමන් කරන ආකාරයක් දැකිය හැකි විය.
ගාසා තීරය පාලනය කරන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම වන හමාස් සංවිධානය මෙම සටන දකින්නේ, හමුදාමය හා ආර්ථික වශයෙන් ශක්තිමත් සතුරෙකුගේ ප්‍රහාරයට සාර්ථක ප්‍රතිරෝධයක් දැක්වීමක් ලෙසනි.
මේ අතර මුස්ලිම් පල්ලියේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින්, "ජෙරුසලම අත්පත්කර ගැනීමට එරෙහිව සටනේදී ජෙරුසලමේ අසිපත් ජයගත්තා" යනුවෙන් ප්‍රශංසා කළේය. වීදිවල සැරිසැරූ ඇතමුන් ගිනිඅවි අතැතිව අහසට වෙඩි තැබූ අතර, තවත් අය රතිඤ්ඤා දන්වමින් සතුට සැමරුවේ ලොකු කුඩා භේදයකින් තොරවය.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු බෝම්බ ප්‍රහාරවලින් ළමයින් 65ක් ඇතුළු පලස්තීනුවන් 232ක් මිය ගොස් 1,900කට වැඩි පිරිසක් පසුගිය දින 11ක කාලය තුළ තුවාල ලැබූ බව ගාසා සෞඛ්‍ය නිලධාරීන් පවසයි. ඊශ්‍රායලය කියා සිටියේ අවම වශයෙන් සටන්කරුවන් 160ක් වත් මරා දමා ඇති බවය.
බලධාරීන් විසින් ඊශ්‍රායලයේ මරණ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ නංවා ඇති අතර, රොකට් ප්‍රහාරවලින් සිය ගණනක් දෙනා තුවාල ලබා ප්‍රතිකාර ලබා ඇති බවත්, භීතියට පත් මිනිසුන් දැන් යළි නිවෙස් කරා යවා ඇති බවත් කියයි.








popular news
-
hela urumaya nodath Friday, 21 May 2021 02:13 PM
mema janathava viti vita una rogayen pida vindinava labena prhtikara ithama prabala vana athara sampurnayen suva nove thamange urumaya gana pavathna mathvadaya meyata hethu vana athara lankaveda mema una rogaya desapalakyange aramunu venuven vardanaya vemin pavathi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

