දූෂණයට ලක්ව ගිනිතබාගත් පාකිස්ථාන තරුණිය මියයයි
දූෂණ ප්රයත්නයකට ගොදුරු වූ පාකිස්තාන දැරියක් විසින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලක් පොලීසිය විසින් බැහැර කිරීමෙන් පසුව ඇය ශරීරයට ගිනිතබා ගෙන සියදිවි හානිකර ගත් පුවතක් පාකිස්තානයෙන් වාර්තා වෙයි.
අමීනා බිබී නම් වූ යොවුන් වියේ දැරිය මුශාෆර්ගාත් පොලීසියක් ඉදිරිපිට ගිනිතබා ගැනීමෙන් දවසකට පසුව මෙසේ මරණයට පත්ව ඇත.
පසුගිය ජනවාරි මාසයේ දිනක තමා පාසලට යමින් සිටියදී පුද්ගලයන් කණ්ඩායමක් තමාට ලිංගික අතවර කරනු ලැබීම සම්බන්ධයෙන් ගොනුකළ පැමිණිල්ල පිළිබඳව මනා විභාගයක් නොපැවැත් වූ බව පවසමින් ඇය පොලීසියට චෝදනා කරමින් ගිනි තබාගෙන තිබේ.
කෙසේ වෙතත් පාකිස්තානය තුළ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් නඩු පවරනු ලැබීම විරල සිද්ධියක් බවත්, පුරුෂ මූලික සමාජයක් හා කාන්තාවට ගර්හාවට ලක්කිරීමත් නිසා එරටදී ස්ත්රීන්ට යුක්තිය ඉටුවන්නේ කලාතුරකින් බව මධ්‍යස්ථා මතධාරීහු පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

