දැඩි සත්කාරයට යොමු කිරීම බරපතලයි - ඩොනල්ඩ් ට්‍රම්ප්
තමා සහ ඇමෙරිකානු ඖෂධ සමාගම් කිහිපයක් ලන්ඩනයේ සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ වෛද්‍යවරුන් අමතා, කොවිඩ්-19 වෛරස් සඳහා දැඩිසත්කාර ඒකකයකට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන්ට උදව් කළ හැකිදැයි සොයා බැලූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය.
"මගේ හොඳ මිතුරෙකුට සහ අපේ ජාතියේ මිතුරෙකු වන අගමැති බොරිස් ජොන්සන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහුව දැඩි සත්කාර සඳහා යොමුකර ඇති බව දැනගැනීමෙන් අප කනගාටුවට පත්වුණා. ඔහු ඇත්තටම හොඳ මිතුරෙක්. ඔහු ඇත්තටම විශේෂ අයෙක්. ශක්තිමත් හා අධිෂ්ඨානශීලී නායකයෙක්" යැයි ට්‍රම්ප් මාධ්‍ය අමතමින් පවසා සිටියේය.
එමෙන්ම නව කොරෝනා වෛරස් රෝගීන් සඳහා වන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඖෂධ සමාගම් සමග දුරකථන සංවාදයක් පැවැත්වූ බව ට්‍රම්ප් පැවසීය.
"කොවිඩ්-19 සඳහා සිදුකරන චිකිත්සාවෙහි අප විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. මා සමග කතා කළ ප්රමුඛ ඖෂධ සමාගම් දෙකකින්, වහාම ලන්ඩනය හා සම්බන්ධ වන්නැයි මා ඉල්ලා සිටියා." ඒ අනුව තම පරිපාලනය ජොන්සන්ගේ වෛද්‍යවරුන් සම්බන්ධ කර ගත් බව ඔහු පැවසීය.
"අපි බොරිස්ගේ සියලුම වෛද්‍යවරුන් සම්බන්ධ කර ගත්තා. සිදුවන්නේ කුමක්ද යන්න අපට සඳහන් කළා. නමුත් ඔවුන් ප්‍රතිකාර සඳහා හොඳ සූදානමින් සිටිනවා. කෙසේ වෙතත් ඔබව දැඩි සත්කාර සඳහා යොමු කළ විට එය ඉතා බරපතලයි" යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.


popular news
-
Don Tuesday, 07 April 2020 03:19 PM
බොරිස් ජොන්සන් විශේෂ ගනයේ දේශපාලකයෙක්. ඔහු මන්ත්‍රී කෙනෙක්ව සිටින කාලයේදීත්, ලන්ඩන් නගරාධිපති හැටියට සහ බ්‍රිතාන්‍යයේ අගමැති වුනත් පාර්ලිමේන්තුවට ආවේ පාපැදියකින්, අපේ රටේ ඉන්න පලාබබාලට තියෙන පොලිස්, හමුදා ආරක්ෂාව ඔහුට නෑ. අපේ අයවගේ අධිවේගී විවුර්ත කරන්න හෙලිකොප්ටර් වලින් යන්නේ නෑ. ඉතාම ආදර්ශමත් නායකයෙක්. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

