තුර්කිය දැඩි සමාජ මාධ්‍ය සීමා පැනවීමක් සිදුකරයි
තුර්කිය විසින් විශාල සමාජ මාධ්‍ය සමාගම්වල කාර්යාලය රට තුළ විවෘත කිරීම හෝ නැත්නම් දඬුවම්වලට බල කෙරෙන දැඩි සමා මාධ්‍ය සීමා පැනවීමක් සිදුකර තිබේ.
බ්‍රහස්පතින්දා සිට බලාත්මක වූ මෙම ක්‍රියාමාර්ග යටතේ සමාජ මාධ්‍ය වේදිකාවන් මතභේදාත්මක පෝස්ටු ඉවත් කිරීමට අපොහොසත් වුවහොත් ඒවාටද දඬුවම් පැමිණවෙනු ඇත.
ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන්ගේ පාලක පක්ෂය සහ එහි හවුල්කාර පක්ෂ විසින් පසුගිය ජූලි මාසයේදී මෙම සමාජ මාධ්‍ය සීමා පැනවීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලදී.
මෙම නව නීතිරීති යටතේ, දිනකට මිලියනයකට වඩා සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිටින වේදිකාවලට තුර්කියේ වාණිජ කාර්යාල විවෘත කළ යුතු අතර, පැය 48ක් ඇතුළත වැරදි මත්භේදාත්මක අන්තර්ගතයක් ඉවත් කිරීමට අපොහොසත් වුවහොත් ප්‍රාදේශීය අධිකරණ මගින් දඬුවම් පැමිණවෙනු ඇත.
ෆේස්බුක් හි මානව හිමිකම් නිලධාරි ඉයන් ලෙවින් කියා සිටියේ තුර්කියේ නව නීතිරීති මානව හිමිකම් පිළිබඳ බොහෝ කනස්සල්ලට හේතු ගෙන දී ඇති බවය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

