තායි දරුවන් බේරාගත් මෙහෙයුම දැවැන්ත සිතුවමක් බවට නැගෙයි
තායිලන්තයේ චියැන්ග් රායි පළාතේ, තාම් ලුආන්ග් ගුහා සංකීර්ණයේ සති දෙකකට වැඩි කාලයක් සිරවී සිට බේරාගැනුණු වයිල්ඩ් බෝර්ස් පාපන්දු දරුවන් හා ඔවුන්ගේ පුහුණුකරු ඇතුළුව එම දැවැන්ත මෙහෙයුම හා ඊට සම්බන්ධ වූ විරුවන් විශාල සිතුවමකට නැගෙමින් තිබේ.
තයිලන්තයේ චියෑන්ග් රායි ආට් බ්‍රිජ් මගින් කලාකරුවන් 300කට වැඩි පිරිසකගේ දායකත්වයෙන් මෙම කතාව රැගත් සිතුවම මීටර් 13ක් දිග මීටර් 3ක් උස දැවැන්ත සිතුවමක් ආකාරයෙන් නිමවෙයි.
මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටියදී දිවි අහිමි වූ සමාන් ගුනාන් නමැති හිටපු නාවික සෙබලාගේ රුව එහි දැවැන්තම සිතුවම ලෙස දැකිය හැකි අතර, බ්‍රිතාන්‍ය කිමිදුම් විශේෂඥයන් වන වර්න් අන්ස්වර්ත් සහ ජෝන් වැලන්දන් සහ ඔස්ට්‍රේලියානු කිමිදුම් විශේෂ රිචඩ් හැරිස්ද එසේ සාපේක්ෂව විශාල සිතුවක් ලෙස දැකිය හැකිය.
මීට අමතරව, ගුවාන් සමාන්ගේ විශාල ප්රතිමාවක්ද ඉදිවෙමින් පවතින අතර, එය මීටර් දෙකක් පමණ උසින් යුතුය. එහි මෙම වයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායම හා පුහුණුකරු නියෝජනය කරන ඌරු රංචුවක් දැකිය හැකිය.
මෙහි වැඩ අවසන් වීමෙන් පසුව එය අනාගතයේදී කෞතුකාගාරයක් බවට පත්වීමට නියමිත තාම් ලුආන්ග් ගුහා සංකීර්ණය ඉදිරියේ තැන්පත් කෙරෙනු ඇත.












popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

