තායිලන්ත ගුහාවක් බැලීමට ගොස් අතුරුදන් ළමයි නිරුපද්‍රිතව හමුවේ
තායිලන්තයේ විශාල ගල් ගුහාවක් නැරඹීමට ගොස් දින 9ක කාලයක් අතුරුදන්ව සිටි නව යොවුන් වියේ දරුවන් පිරිස සහ ඔවුන්ගේ පාපන්දු උපදේශක නිරුපද්‍රිතව සොයාගැනීමට හැකිවී තිබේ.
චියෑන්ග් රායි පළාත් අණ්ඩුකාරවරයා පවසා තිබුණේ අතුරුදන්ව සිටි 13 දෙනාටම අනතුරක් සිදුව නොමැති බවයි.
විශේෂ නාවුක හමුදා කණ්ඩායමක් යොදා ගනිමින් සිදුකළ මෙහෙයුමකින් මෙම දරුවන් පිරිස හා ඔවුන්ගේ ගුරුවරයා සොයාගැනීමට හැකිවූ බව විදෙස් වාර්තා පවසයි.
අධික වර්ෂාව හේතුවෙන් තාම් ලුආන්ග් නොන් භූගත ගල් ගුහාවේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම දරුවන් පිරිස ගොඩැල්ලක් මතට වී ආරක්ෂිත සිටිනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුවිය.
චියෑන්ග් රායි පළාතේ පිහිටි තාම් ලුආන්ග් නොන් නමැති විශාල ගුහාව තායිලන්තයේ වූ දැවැන්ත ගුහා අතරින් එකකි. එමෙන්ම, එය සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයක් ලෙසද සැලකෙයි.
මෙම දරුවන් බේරාගැනීම සඳහා මෙම කාලය පුරාම දැවැන්ත මෙහෙයුම් සිදුවූ අතර, ඔවුන්ගේ දෙමවුපියන් ඒ අසලට වී බෞද්ධාගමික වතාවත්වල නිරත වෙමින් දරුවන් නිරුපද්‍රිතව හමුවන තුරු බලාපොරොත්තු දල්වාගෙන සිටියහ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

