තාප තරංග රැල්ලක් හේතුවෙන් බටහිර යුරෝපය පෙර නොවූ විරූ අධික උෂ්ණත්වකට මුහුණ දෙමින් සිටියි.
මේ අනුව ප්‍රංශය මෙතෙක් වාර්තා වූ උණුසුම්ම දිනය අත්විඳිමින් සිටී, එක්සත් රාජධානිය ජුනි මාසයේදී වාර්තාගත තාපයක් දකින අතර ස්පාඤ්ඤය 1950 සිට එහි ඉහළම දෛනික සාමාන්‍යය උෂ්ණත්වයට ළඟා වි තිබේ.
පැරිස් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 කට ආසන්න අගයකට පැමිණි අතර යුරෝපා මහාද්වීපයේ විවිධ ප්‍රදේශ පුරා රතු තාප අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.
ප්‍රංශයේ ජාතික උෂ්ණත්ව දර්ශකය දිවා රාත්‍රී උෂ්ණත්වයේ සාමාන්‍යය - බදාදා සෙල්සියස් අංශක 30 දක්වා ළඟා විය,
එය 1947 දී වාර්තා ආරම්භ වූ දා සිට වාර්තා වූ උණුසුම්ම දිනයයි.
රටෙන් අඩකට වඩා රතු තාප අනතුරු ඇඟවීමක් යටතේ පවතින අතර බටහිර ප්‍රදේශවල නිවාස දස දහස් ගණනකට
විදුලිය නොමැත.
