තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19
ජෝර්ජියානු අගමැති, පෘතුගාල අගමැති සහ මෝල්ඩෝවා අගමැති ආදී වශයෙන් තවත් ලෝක නායකයන් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.
ජෝර්ජියානු අගමැති ඉරාක්ලි ගාරිබාෂ්විලි කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයට ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව රජයේ පුවත්පත් කාර්යාලය ප්‍රකාශ කරයි.
මේ අතර, දෙවැනි ධුර කාලය සඳහා නැවත තේරී පත් වූ පෘතුගාලයේ අගමැති ඇන්ටෝනියෝ කොස්ටා, කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, ඔහු දින හතක කාලයක් හුදකලාව සිටිනු ඇතැයි අගමැති කාර්යාලය පවසයි.
එමෙන්ම, මෝල්ඩෝවා අගමැති නටාලියා ගැව්රිලිටා හෙළිකර තිබුණේ තමන්ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවයි.
"අද මම SARS-CoV-2 වෛරසය හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණයක් සිදුකළා. එහි ප්‍රතිඵලය ධනාත්මකයි" ඇය සමාජ මාධ්‍යවල සටහන් කර තිබුණේ ඉදිරි දින කිහිපය තුළ නිවසේ සිට වැඩ කරන බවය.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
