තරුණියන් සේ පෙනී සිටි හමාස් ඊශ්‍රායල් සෙබලුන්ව හැක් කරලා
- 18 02 2020
- 23:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
හමාස් සටන්කාමී පිරිස් අවධානය දිනාගන්නා තරුණියන් පිරිසක් ලෙස පෙනී සිටිමින්ඊශ්රායල් සොල්දාදුවන් විශාල පිරිසකගේ ස්මාට්ෆෝන් හැක්කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ප්‍රකාශකයෙකු සඳහන් කළේ සොල්දාදුවන්ට තරුණ ගැහැණු ළමයින්ගේ ව්‍යාජ ඡායාරූප යවා ඔවුන්ගේ ජංගම දුරකථනවලට ඔවුන්ටත් නොදැනෙන සේ ඇතුළු වී එහි දත්ත ඩවුන්ලෝඩ් කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය අනාවරණය වනවිට සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් පිටතට නොගිය බව ඊශ්‍රායලය පවසයි.
ගාසා තීරය පාලනය කරන හමාස් සහ ඊශ්‍රායලය එකිනෙකා සලකන්නේ අතිශය මාරාන්තික සතුරන් ලෙසය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
