ඩෙල්ටා මැඬලන්නට ප්‍රංශය යළිත් රාත්‍රී ඇඳිරි නීතිය දමයි
කොවිඩ්-19 හි වඩාත්ම බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් දකුණු ප්‍රංශයේ එක් කලාපයක රාත්‍රී ඇඳිරි නීතිය නැවත හඳුන්වා දී තිබේ.
ස්පාඤ්ඤ දේශ සීමාවේ සහ පර්පිග්නන් නගරය ඇතුළත් වන පිරෙනීස්-ඔරියන්ටේල්ස් හි බාර් සහ අවන්හල් රාත්‍රී 11.00 ට වසා දැමිය යුතු අතර, අවම වශයෙන් ජූලි මස ඉතිරි කාලය සඳහා මෙම සීමා පැනවෙන බව කියයි.
රට පුරා, ජූලි 18 වැනි දින ලියාපදිංචි වූ නව ආසාදන සංඛ්‍යාව පසුගිය සතියේ සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වූ අතර මැයි මැද සිට ඉරිදා වනවිට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙසේ වාර්තා කර ඇත.
සෞඛ්‍ය සේවකයන් සඳහා අනිවාර්ය එන්නත ලබාදීම, මහජනතාවට කොවිඩ්-19 එන්නත පිළිබඳ සාක්ෂි පෙන්වීම සහ සමහර පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා සෞඛ්‍ය අවසර පත්‍රයක් ලෙස මෑතකදී ලබාගත් සෘණාත්මක PCR පරීක්ෂණයක් ලබාදීම ආදී නව නීතිද ප්‍රංශය හඳුන්වා දීමට යයි.
ජුලි 17 වැනි දින ප්‍රංශය පුරා 180,000ක ජනතාවක් උද්ඝෝෂණ ව්‍යාපාරයකට එක්වීමත් සමග මෙම සීමාවන් දැඩි කිරීම සිදුවිය. මෙම විරෝධතාකරුවන් එන්නත් කිරීමේ මධ්‍යස්ථාන දෙකක්ද සති අන්තයේදී විනාශ කළේය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

