ඩෙන්මාර්කය හා ඇමෙරිකාව අතර තේරිමක් තිබුණොත් ජනතාව ඩෙන්මාර්ගය තෝරා ගනීවි
ඩෙන්මාර්කය හා ඇමෙරිකාව අතර තේරීමක් කිරීමට තමා ජනතාවගෙන් ඉල්ලා සිටියහොත් තම ජනතාව එක්සත් ජනපදය වෙනුවට
ඩෙන්මාර්කය තෝරා ගනු ඇතැයි ග්‍රීන්ලන්ත අගමැති පවසයි.
ග්‍රීන් ලන්තය ඇමෙරිකාවට පවරා ගැනීමට මේ දිනවල ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරමින් සිටින අතර ඩෙන්මාර්ක අගමැති හා ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකදී ජෙන්ස්-ෆ්රෙඩ්රික් නීල්සන් මෙම ප්‍රකාශය කළේය.
රුසියාවට සහ චීනයට එරෙහිව ආරක්ෂා වීමට ග්‍රීන්ලන්තය "අයිති කර ගැනීමට" අවශ්‍ය බව ඇමෙරිකානු ජනපති සඳහන් කළ අතර ධවල මන්දිරය දූපත මිලදී ගැනීමට යෝජනා කර ඇත.
එසේම ග්‍රීන්ලන්තය තමන්ට ලබා ගැනිම වෙනුවෙන් බලය යෙදවීමද ඇමෙරිකාව ප්‍රතික්ෂේප කර නැත.
නීල්සන්ගේ අදහස් දැක්විමට ප්‍රතිචාර දැක්වූ ඇමෙරිකානු ජනපතිවරයා පැවැසුවේ "ඒක ඔවුන්ගේ ගැටලුවක්, මම ඔහු සමඟ එකඟ වෙන්නේ නෑ. ඒක ඔහුට විශාල ගැටලුවක් වනු ඇත." යනුවෙනි.
උතුරු ඇමරිකාව සහ ආක්ටික් අතර ග්‍රීන්ලන්තයේ පිහිටීම නිසා මිසයිල ප්රහාරවලදී පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා සහ කලාපයේ යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා එය සුදුසු ස්ථානයක් බවට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

