ඩ්‍රෝන් ප්‍රහාර රැල්ල රුසියානු ප්‍රදේශ කිහිපයකට පහර දෙයි
රුසියාවේ ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමෙන් පසු යුක්රේනය දැඩි දඬුවමකට සූදානම් විය යුතු බව මොස්කව් සපථ කර ඇති අතර, කියෙව් මාස කිහිපයකින් එහි දරුණුතම බෝම්බ හෙළීම දැක තිබේ.
ඩ්‍රෝන යානා රුසියානු ප්‍රදේශ කිහිපයකට පහර දුන් අතර හමුදා ගුවන් යානා දෙකකට, ඉන්ධන ගබඩාවකට සහ කුඩා ඉලෙක්ට්‍රොනික කර්මාන්ත ශාලාවකටද ඉන් හානි සිදු විය.
කෙසේ වෙතත්, යුක්රේනය මෙම නවතම ප්රහාරයන්ට සම්බන්ධ බව පවසා නැත. නමුත් ඔවුන් රුසියාව තුළ තම බලය ක්‍රියාත්මක කරන බව පමණක් පවසා ඇත.
මේ අතර, මෑත සතිවලදී, යුක්රේනය, රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය යෙදූ ඩ්‍රෝන යානා භාවිතය වැඩි කර ඇති බව විශ්වාස කෙරේ.
යුක්රේනයේ සිට කිලෝමීටර් 600ක් (සැතපුම් 372ක්) පමණ ඔබ්බෙන් පිහිටි බටහිර නගරයක් වන ප්ස්කොව් හි ප්‍රාදේශීය ගුවන් තොටුපළකදී හමුදා ගුවන් යානා දෙකකට පහර දී ගිනි තබා ඇති බව රුසියානු පුවත් ඒජන්සි වාර්තා කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

