ඩකා හි මහල් ගොඩනැගිල්ලක ගින්නක් - මිනිසුන් බිමට පනියි
බංග්ලාදේශයේ, ඩකා අගනුවර වාණිජ කේන්ද්‍රස්ථානයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට ගින්න දරුණු ලෙස පැතිර යමින් පවතින අතර, ගිනි නිවන හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සිද්ධිය පාලනය කිරීමට සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ළඟා වී තිබේ.
මහල් 19කින් යුතු මෙම ගොඩනැගිල්ල තුළ මිනිසුන් රැසක් ගින්නත් සමග සිරවී සිටින බව විශ්වාස කෙරෙන අතර, එහි කාර්යාල රැසක් පිහිටා තිබීම මෙම නිගමනයට හේතුවයි.
ඇතැම් වාර්තාවන්ට අනුව මෙහි සිරවූ පුද්ගලයන් උඩු මහල්වලින් බිමට පැන ඇති අතර, තවත් පිරිසක් ජනේල අසලට විත් උදව් ඉල්ලා කෑ ගසන දසුන් දැකගත හැකි බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.
මේ අතර, ගිනි නිවන භට කණ්ඩායම් 19ක් සිද්ධිය වූ ස්ථානයට ගෙන්වා ඇති අතර, ගින්න මැඩපැවැත්වීම සඳහා ඔවුන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.
පැරණි ඩකා නගරයේ පසුගිය මාසයේ හටගත් ගින්නකින් පුද්ගලයන් 78 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

