ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රම්පෝසා අතර ඇමෙරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාමරයේ පැවැති හමුවක් අතර උණූසුම් තත්ත්වයක් ඇතිවිය.
ඉතාමත් සාමකාමීව හා මිත්‍රශීලි ලෙස ආරම්භ කළ ජනපතිවරුන් දෙදෙනා අතර සාකච්ඡාව තරමක් මත භේදයට තුඩු දුන්නේ ඇමෙරිකානු ජනපතිවරයා තිරයක් ආධාරයේන් හා වාර්තා කිහිපයක් පිළිබඳව සඳහන් කරමින් දකුණු අප්‍රිකාවට
චෝදනා කිරිමත් සමගය.
දකුණු අප්‍රිකාව තුළ සුදු ජාතික ගොවීන් සමූහ ඝාතනය කරමින් ඔවුන් පීඩාවට පත්කරන බවට ඇමෙරිකානු ජනපතිවරයා මෙහිදී දකුණු අප්‍රිකානු ජනපතිවරයාට චෝදනා කළේය.
එක්සත් ජනපදය අප්‍රිකානුවන් 60 කට ආසන්න පිරිසකට සරණාගතභාවය ලබා දී සතියකට පසු බදාදා, ජනාධිපති සිරිල් රමෆෝසා ධවල මන්දිරයට පැමිණියේ දෙරට අතර සබඳතා තර කර ගැනීමේ අදහසින් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ඇමෙරිකානු ජනපතිවරයාගේ චෝදනා සමග දකුණු අප්‍රිකානු ජනපතිවරයා තරමක් වික්ෂිප්ත භාවයට පත්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
