රුසියානු ජනපති ව්ලැඩ්මීර් පූටින් සමග පැවැති පැය දෙකකට ආසන්න දුරකතන සංවාදයකින් අනතුරුව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළේ රුසියාව සහ යුක්රේනය සටන් විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා "වහාම" සාකච්ඡා ආරම්භ කිරිමට සූදානම් බවයි.
ජනපතිවරුන් දෙදෙනා අතර පමණක් පැවැති සංවාදය "ඉතා හොඳින්" සිදු වූ බව ට්රම්ප් පැවැසීය.කෙසේ වෙතත් සාමය සඳහා කොන්දේසි දෙපාර්ශවය අතර සාකච්ඡා කළ යුතු බව ද ඔහු පැවසීය.
මීට පෙර ඇමෙරිකානු ජනපතිවරයා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ ද සාකච්ඡා පැවැත්වීය.
අනාගත සාම ගිවිසුමක් සඳහා යුක්රේනය සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් බව පුටින් සඳහන් කර ඇති අතර
සෙලෙන්ස්කි සඳහන් කර ඇත්තේ "මෙය තීරණාත්මක මොහොතක්" බවයි.