එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් "ඉදිරි දිනවලදී" හමුවීමට එකඟ වී ඇති බව ක්‍රෙම්ලිනය ප්‍රකාශකයෙක් පවසා තිබේ.
යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සාකච්ඡා කිරීම සඳහා රුසියානු සහ යුක්රේන සගයන් පෞද්ගලිකව "ඉතා ඉක්මනින්" හමුවීමට "හොඳ අවස්ථාවක්" ඇති බව ට්‍රම්ප් පැවසීමෙන් පසුව මෙම ප්‍රකාශය ක්‍රෙම්ලීනය මේ බව ප්‍රකාශ කර තිබේ.
යුක්රේනයේ සටන් විරාමයකට එකඟ වීමට හෝ වඩාත් දැඩි සම්බාධකවලට මුහුණ දීමට රුසියාවට ට්‍රම්ප් ලබා දී ඇති අවසාන දිනය සිකුරාදා අවසන් වීමට නියමිතය.