ට්‍රම්ප් ව්‍යවස්ථාවෙන් ඉවතට ගියා -කොලින් පවෙල් කියයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වර්ගවාදී විරෝධතා හැසිරවීම දැඩි ලෙස විවේචනය කළ එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල්, ඔහු ව්‍යවස්ථාවෙන් ඉවතට ගොස් ඇති බව කියා සිටියේය.
ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය හෙළා දකින නවතම ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකු සහ රිපබ්ලිකන් පාක්ෂිකයකු වන පවෙල්, උද්ඝෝෂන මැඬපැවැත්වීම සඳහා හමුදාව යොදා ගන්නා බවට තර්ජනය කිරීම දැඩිව විවේචනය කර තිබේ.
නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බිඩෙන්ට ඡන්දය දෙන බව ඔහු පැවසීය.
ජනාධිපති ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වමින් පවෙල් අතිශයෝක්තියෙන් කතා කරන පුද්ගලයෙකු බවය.
ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ලෙස මෙතෙක් සේවය කර ඇති එකම අප්‍රිකානු ඇමරිකානුවා වන පවෙල්, ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දරුණු ප්‍රහාර දියත් කළ හිටපු ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගේ ලැයිස්තුව සමග එක්ව ඇති අලුත්ම සාමාජිකයාය.
ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවේදී ඝාතනය වීම මුල් කරගෙන අමෙරිකාව පුරා මෙම දැවැන්ත විරෝධතා ව්‍යාපාරය ආරම්භ විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

